Saturday, October 17, 2026
Follow Us
ත්‍රීරෝද රථ රියදුරන්ට පොලිසියෙන් දැනුම් දීමක්

රාත්‍රී කාලයේදී මගීන් රැගෙන යාමේදී ත්‍රීරෝද රථ රියදුරන් විමසිලිමත් ලෙස කටයුතු කළයුතු බව පොලීසිය පවසනවා.

එලෙස ත්‍රිරෝද රථයට ගොඩවන පුද්ගලයින් ඇතැම් විට කොල්ලකරුවන් හෝ අපරාධකරුවන් විය හැකි බවයි පොලීසිය පැවසුවේ.

ඊයේ රාත්‍රියේදී අනුරාධපුර ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකට ගොඩ වූ පුද්ගලයින් දෙදෙනෙකු එම ත්‍රීරෝද රථය කොල්ලකා පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළා.

(Neth)