Wednesday, August 20, 2025
Follow Us
නැගෙනහිර ආයුර්වේද රෝහල් කොවිඩ් රෝගීන් සඳහා වෙන් කෙරේ

නැගෙනහිර පළාතේ ආයුර්වේද මහ රෝහල්වලදී කොවිඩ් රෝගීන්ට දේශීය වෙදකම හරහා ප්‍රතිකාර කිරීම වහාම ආරම්භ කරන ලෙස පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් අද නියෝග කර තිබෙනවා.

ඒ අනුව, නැගෙනහිර පළාතේ කප්පල්තුරේ, කින්නියා, පුදුකුඩුඉරිප්පු සහ අඩ්ඩාලච්චේන යන ආයුර්වේද මහ රෝහල්වල එම ප්‍රතිකාර ලබාදීම ආරම්භ කිරීමට නියමිත බවයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සදහන් කළේ.

ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ අද පෙරවරුවේ පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ආර්.ශ්‍රීධර් සහ ආණ්ඩුකාරවරිය අතර පැවති විශේෂ හමුවකදී මෙම තීරණයට එළඹ තිබෙනවා.

එම රෝහල්වල කොවිඩ් රෝගීන් 270 කට ප්‍රතිකාර ලබා දීම සදහා අවශ්‍ය පහසුකම් පවතින බවයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පැවසුවේ.

එම ආයුර්වේද මහ රෝහල්වල දැනට ඇති අඩුපාඩු සොයා බලා එම අඩුපාඩු කඩිනමින් සපුරා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ආණ්ඩුකාරවරිය අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

(Neth)