Wednesday, August 20, 2025
Follow Us
රෝගීන්ගේ ප්‍රමාණය වැඩි වීමත් සමඟ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටිය හැකියි - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීමක්

රෝගීන්ගේ ප්‍රමාණය ඉතා වේගයෙන් වැඩි වෙමින් තිබෙන අතර එම හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය කඩ වැටිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවාසිටියි.

අද (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවේ සමාජය තුළ රෝගීන් සිටින බැවින් සෑම කෙනෙකුටම කොවිඩ් වෛරසය ඇති බව සලකා කටයුතු කළ යුතුව ඇති බවයි.

එම නිසා තම තමන් දැක්විය යුතු දායකත්වය දිය යුතුව ඇති බව ගුණරත්න මහත්මිය සඳහන් කළාය.

(LNW)