උතුරු පළාත ජාතික ආර්ථිකයේ වැඩි කොටසකට එක් කර ගැනීම ජනාධිපතිතුමාගේ මූලික එක් අරමුණකි.
තාරා දේවී ප්‍රතිමාව ඇතුළු යටත් විජිත සමයේ එක්සත් රාජධානිය විසින් මෙරටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් යළි මෙරටට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටි බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ලබාදීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවකට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා එක් විය.
මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි අගෝස්තු මස 22 දා සිට 25 දා දක්වා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තිරණය කර ඇත.
ආණමඩුව ජයසූරිය මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සුහද කථා බහකට එක් වූහ.
සීගිරිය සහ තදාසන්න කලාපය සංචාරක කලාපයක් වශයෙන් තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කොටගෙන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සංචාරක අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
ලෝක බැංකුව ණය ආධාර යටතේ ක්‍රියාත්මක අන්තර්ගතිකව සම්බන්ධිත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන ලද මඩකලපුව - කුම්පුරුමුලයි වෙරළ මාර්ගය ජනතා අයිතියට පත් කිරීම ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (13) සිදු කෙරිණි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණිය ශක්තිමත් කිරීම සඳහා ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් මිලදී ගත් නව එන්ජින් කට්ටල ලංගම ඩිපෝ වෙත බෙදාදීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ පිහිටි ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනයේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී සිදුවිය.
ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට සීමිත බඳවා ගැනීම් යටතේ මෙතෙක් එම දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරින් 22ක් ගොවිජන සංවර්ධන නිලධාරින් ලෙස බඳවා ගැනීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
අතීතයේ ප්‍රධාන වෙළෙඳ සහ ආර්ථික මධ්‍යස්ථානයක්ව පැවති අනුරාධපුරය නැවත ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය අද (12) සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට නියමිතය.
ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු සහ කොන්දොස්තර තනතුරු සඳහා බදවාගත් 370ක පිරිසක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණ.
රටේ දරු පරපුර වෙනුවෙන් අනාගතයට ගැළපෙන ශක්තිමත් ආර්ථික ක්‍රමයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරන බවත්, එය කෙටි කාලීන ආර්ථික ක්‍රමයක් නොව රටේ ආර්ථිකය යළි බිඳ නොවැටෙන දීර්ඝකාලීන, ශක්තිමත් ආර්ථික ක්‍රමයක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් සිය වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කර තිබේ.
අභ්‍යන්තර ජල මාර්ග මඟින් භාණ්ඩ හා සේවා ප්‍රවාහනය නියාමනය කිරීම සඳහා ආයතනයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.
දැනුවත් කිරීමේ ජංගම වැඩසටහන්
මේ වනවිට පොල් හා තැඹිළි වගාව තුළ ව්‍යාප්තවෙමින් පවතින සුදුමැස්සා, පොල් කුරුමිණියා හා රතු කුරුමිණියා නැමැති කෘමි උවදුර පාලනය සඳහා මාසයක කාලයක් තුළ කඩිනම් ඒකාබද්ධ පළිබෝධ පාලන වැඩසටහනක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල නිලධාරින්ට අද(11) උපදෙස් දුන්නේය.
Page 28 of 701