Thursday, March 05, 2026
Follow Us
විෂ මත්ද්‍රව්‍යට එරෙහිව පාසල් සිසුන් දැනුවත් කෙරේ
විෂ මත්ද්රව්ය භාවිතය නිසා සිදුව ඇති විනාශකාරී සමාජ බලපෑම සැලකිල්ලට ගෙන රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහනට සමගාමීව අඛණ්ඩව සිදු කෙරෙන විෂ මත්ද්රව්ය නිවාරණ වැඩසටහන්වල සමාරම්භය ලෙස විෂ මත්ද්රව්ය නිවාරණ සතිය මාර්තු 01 දා සිට ක්රියාත්මක වේ.

 

විෂ මත්ද්රව්ය මුලිනුපුටා දැමීම සඳහා වූ රටම එකට ජාතික මෙහෙයුම් සභාවේ තීරණය මත නිකුත් කරන ලද රාජ්ය පරිපාලන චක්රකේඛය මගින් අවධාරණය කර ඇති පරිදි සියලු රාජ්ය ආයතන, පාසල් හා ප්රාදේශීය මට්ටමින් වැඩසටහන් රැසක් ක්රියාත්මක වන අතර රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය මගින් ද ඒ යටතේ ඇති දෙපාර්තමේන්තු, ආයතන මෙන් ම දිස්ත්රික් ලේකම් කාර්යාල හා ප්රාදේශීය ලේකම් කාර්යාල හරහා ද රට පුරා විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්රියාවට නංවා තිබේ.
 
මීට අදාළව පාසල් සිසුන් දැනුවත් කිරීමේ අරමුණින් ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ ප්රාදේශීය මහලේකම් කාර්යාලය හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද වැඩසටහනක් ඊයේ (04) රාජගිරිය හේවාවිතාරණ විද්යාලයේදී පැවැත්විණ.
 
මෙහිදී විෂ මත්ද්රව්ය භාවිතයට එරෙහි වීම කෙරෙහි පාසල් දරුවන් තුළ දැනුම, අවබෝධය හා ආකල්ප සංවර්ධනය කර ගැනීමේ අවශ්යතාව පිළිබඳවත් අධ්යාපන කටයුතු සමඟ ක්රීඩා හා රසවින්දන කටයුතු මගින් ක්රියාශීලී කුසලතා වැඩි දියුණු වන ආකාරය පිළිබඳවත් දැනුවත් කිරීම සිදුවිය.
 
මෙම අවස්ථාවට සහභාගී වූ කර්මාන්ත හා ව්යවසාය සංවර්ධන නියෝජ්ය අමත්ය චතුරංග අබේසිංහ මහතා පාසල් සිසුන් අමතමින් සඳහන් කළේ ඉගෙනීම යනු හුදෙක් පොතක් පාඩම් කර විභාග සමත්වීම පමණක් නොවන බවත් අප උපතින් ම රැගෙන එන හිස් මනසට පසුව විවිධ තොරතුරු ඇතුළත් වන බවත් ය.
 
අපගේ ඇස්, කන්, නහය, දිව සහ ස්පර්ශය වැනි ඉන්ද්රියයන් හරහා ලබාගන්නා තොරතුරු මත පදනම්ව අපි තීරණ ගැනීමට පුරුදු වෙමු යැයි කී අමත්යවරයා මත්ද්රව්ය වැනි විනාශකාරී දේවල් පිළිබඳව පාසල් සිසුන් මනා අවබෝධයෙන් සිටියමත් එවැනි දේකට හසු වුවහොත් ඉන් මිදීම ඉතා අපහසු බව පෙන්වා දුන් අතර විවිධ උපක්රම භාවිත කරමින් තමන්ව රවටන්නට උත්සාහ කරන පිරිස්වලින් බේරීමට නම්, "හා" කීමට මෙන් ම "නැහැ" හෝ "බැහැ" කීමට අවශ්ය ආත්ම ශක්තිය (Self-strength) පාසල් කාලයේ සිටම වර්ධනය කරගත යුතු බවත් පැහැදිලි කළේ ය.
 
විෂ මත්ද්රව්ය උවදුර පිළිබඳව සිසුන් දැනුවත් කෙරෙන පත්රිකා බෙදා දීමත් ද මෙහිදී සිදු විය. මෙම වැඩසටහනේ දේශන සඳහා ප්රධාන සම්පත් දායකත්වය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් සම්පාදනය කර තිබූ අතර එහි අධ්යාපන හා තොරතුරු නිලධාරී මහේශි මදුසංකා, සහකාර උපදේශන නිලධාරී උදේශිකා ලක්මාලි මහත්මිය විසින් දැනුවත් කිරීමේ දේශන පවත්වන ලදී.
 
මෙම අවස්ථාවට රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශයේ සහ කර්මාන්ත හා ව්යවසාය සංවර්ධන අමාත්යංශ නිලධාරීන්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් සුජිත් කොතලාවල, ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ ප්රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනවිරත්න, රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශයේ සහ කර්මාන්ත හා ව්යවසාය සංවර්ධන අමාත්යංශ නිලධාරීන්, රාජගිරිය හේවාවිතාරණ විද්යාලයේ විදුහල්පතිතුමා ප්රමුඛ ආචාර්ය මණ්ඩලය ඇතුළු රාජ්ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.