1967 වර්ෂයේ ආරම්භ කර එදා සිට මේ දක්වා විවිධ ස්ථානවල කුලි පදනම මත පවත්වා ගෙනගිය ගාල්ල බලපිටිය තැපැල් කාර්යාලයට අභිනව ගොඩනැගින්නක් ඉදිකිරීම සදහා පසුගිය සැප්තැම්බර් මස 12වන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මුල් ගල තබන ලදී. මාස පහකටත් වඩා අඩු කාලයකින් ඉදිකිරීම් නිමකරන ලද එම අභිනව බලපිටිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි.
පසුගිය වර්ෂයේ දී ඉදිකිරීම් සදහා තැපැල් දෙපාර්තුමේන්තුවට වෙන්කරන ලද ප්‍රතිපාදනවලින් බලපිටිය තැපැල් කාර්යාලයේ ඉදිකිරීම් සදහා රුපියල් මිලියන 14.70 ක් වෙන්කර ඇත.
මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍යා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය සැප්තැම්බර් මස 12 වන දින මෙහි මුල්ගල තබා වැඩ ආරම්භ කළබව සිහිපත්කළ අතර ඉදිකිරීම් දෙසැම්බර් මස අවසන් වීමට පෙර නිමා කිරීමට පෙර කිරීමට සැලසුම් කළ නමුත් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් එම ඉදිකිරිම් මාස එක හමාරක් ප්‍රමාද වූ බව ද පැවසීය.
ගත වූ වසර දහයක කාලය තුළ තැපැල් දෙපාර්තමේන්තුවේ කිසිදු ඉදිකිරීමක් සිදු නොකළ බව සිහිපත් කළ අමාත්‍යවරයා පසුගිය වර්ෂයේදී තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 600ක මුදලක් වෙන්කළ බවත්, මෙම වර්ෂයේදීත් ඉදිකිරීම් සඳහා තවත් රුපියල් මිලියන 400ක මුදලක් වෙන් කළ බව ද සදහන්කර සිටියේය.
වර්තමානය වනවිට සුවිශේෂි පරිවර්තනයකට සහ පිබිදීමකට ලක්වෙමින් නව්‍යකරණයවන මෙරට තැපැල් සේවාව කාර්යක්ෂම කිරීමේ අරමුණින් රුපියල් මිලියන 590 කට අධික වටිනාකමකින් යුත් ලොරි රථ 10 ක් සහ කෲ කැබ් 20 ක් මෙරට තැපැල් ප්‍රවාහන ජාලයට පසුගිය දිනෙක එක් කිරීමට කටයුතු කළ බව ද පැවසීය.
ඵලදායි කාර්යයක්ෂම තැපැල් සේවාවක් ජනතාවට ලබාදීම අරමුණු කරගනිමින් තැපෑලට නවීන තාක්ෂණය බද්ධ කිරීම සඳහා පරිගණක සහ ටැබ් යන්ත්‍ර ඇතුළු උපකරණ පසුගිය කාලයේ දී තැපෑලට ලබා දුන් බවද අමාත්‍යවරයා මෙහි දී සිහිපත් කර සිටියේය.
තැපෑල ඉහළ මට්ටමකට සංවර්ධනය කරමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා එහි මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් නව ස්ථීර කිරීම් මෙන්ම බඳවා ගැනීම් සිදුකරමින් පවතින බව ද සදහන් කර සිටියේය .
බලපිටිය ප්‍රදේශයේ ජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක බලපිටිය තැපැල් කාර්යාලය ස්ථාපිත කර තිබෙන බව පැවසූ අමාත්‍යවරයා තැපැල් සේවාව පිලිබදව ජනතාව යම්කිසි පැමිණිල්ලක් කළහොත් ඒ පිළිබඳව කඩිනමින්, විනිවිදභාවයෙන් යුතුව විමර්ශන සිදුකරන ලෙසට තැපැල්පතිවරයාට මෙහි දී අමාත්‍යවරයා දන්වා සිටියේය.
ඉතාමත් අඩු මුදලකට විශ්වාසවන්ත, කාර්යක්ෂම සේවාවක් තැපෑල හරහා සිදුකර ගත හැකි බව පැවසූ අමාත්‍යවරයා ඒ වෙනුවෙන් උප තැපැල් කාර්‍යාලය 3500ක් සහ තැපැල් කාර්යාල 600කට ආසන්න ප්‍රමාණයක් මෙරට ස්ථාපිත කර ඇති ශකිත්මත් සේවාවක් ලෙස තැපෑල හැදින්විය හැකි බව ද සඳහන් කර සිටියේය .
මෙරට ආර්ථිකයේ අත්හළ නොහැකි කොටසක් බවට තැපැල් දෙපාර්තමේන්තුව පත්වන බව ද පැවසූ අමාත්‍යවරයා පසුගිය වර්ෂයේදී තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 13000 කට අධික ආදායමක් ඉපයූ බවත්, මෙම වර්ෂයේ දී ඊට වඩා ඉලක්කගත ආදායමක් ඉපයීමට දෙපාර්තුමේන්තු ව අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් පැවසීය.
වර්තමානය වනවිට පළමු ශ්‍රේණියේ තැපැල් කාර්යාලයක්වන බලපිටිය තැපැල් කාර්යාලයෙන් සෘජුවම සේවය සැලසෙන පවුල් සංඛ්‍යාව 5520 කි. රජයේ ආයතන 48 කට සහ හෝටල්, කර්මාන්ත ශාලා ඇතුළු ආයතන රැසකට මෙම තැපැල් කාර්යාලය මගින් සේවය සලසනු ලබයි. ගාල්ල දිස්ත්‍රික්කය තුළ තැපැල් කාර්යාල 40 ක් ස්ථාපනය කර ඇති අතර උප තැපැල් කාර්යාල ගණන 200 කි.
2016 වර්ෂයෙන් පසු නව තැපැල් කාර්යාල ඉදිකිරීම සදහා පැවති රජයන් කටයුතු නොකරන ලද අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මුල්ගල තැබූ සිව්වන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල මෙය වේ. 2025 වර්ෂයේ දී තැපැල් දෙපාර්තුමේන්තුව නව ඉදිකිරීම් සදහා රුපියල් මිලියන 600 ක මුදලක් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබුණි.
මෙහි දී අමාත්‍යවරයා විසින් බලපිටිය නව තැපැල් කාර්යාල පරිශ්‍රයේ පැළ කිහිපයක් රෝපණ ය කළ අතර බලපිටිය, මාදූව උපතැපැල් කාර්යාලයට නවින පරිඝණකයක් ලබා දීමට ද කටයුතු කළේය.