Friday, February 27, 2026
Follow Us
වනජීවී ක්ෂේත්‍ර නිලධාරීන්ට ප්‍රදානය කළ පදක්කම්
ශ්රී ලංකා වනජීවී ඉතිහාසයේ ප්රථම වතාවට වනජීවී ක්ෂේත්ර නිලධාරීන් සඳහා පදක්කම් ප්රදානය කිරීම පසුගියදා(21) පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතාගේ ප්රධානත්වයෙන් ගිරිතලේ ජාතික වනජීවී පුහුණු හා පර්යේෂණ කේන්ද්රයේදී සංකේතාත්මකව පැවැත්විණි.

 

වනජීවී ක්ෂේත්ර නිලධාරීන් 30 දෙනෙක්ගේ සේවා කාලය සහ වනජීවී ක්ෂේත්රය පිළිබඳව ලබාගත් අධ්යාපන නිපුණතාවයන් ඇගයීමට ලක්කරමින් රන්, රීදී සහ ලෝකඩ අලේපිත පදක්කම් පළඳවන ලදී.
 
විවිධ අඩුපාඩු සහ අක්රමිකතා මත පරිහානියට පත් වී තිබූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යළි ගොඩනගමින් පරිසර සංරක්ෂණය සිදු කිරීමත්, වනජීවී අපරාධ වැළැක්වාලමින් වනජීවී නිලධාරීන්ගේ ආත්ම ශක්තිය වර්ධනය කිරීම උදෙසාත් නව රජයේ වැඩපිළිවෙළක් ලෙස මෙම නිළධාරීන් සදහා පදක්කම් පිරිනැමීම සිදු විය.
 
ඉදිරියේදී ද වනජීවී නිළධාරීන්ගේ කැපවීම ක්ෂේත්ර නිපුණතාව, න්යායාත්මක පුහුණුව, ක්ෂේත්ර කාර්යසාධනය, විනය, විශේෂ මෙහෙයුම් සඳහා ඇති කැපවීම ආදිය සැළකිල්ලට ගනිමින් මෙවැනිම පදක්කම් පැළඳවීමට කටයුතු කෙරේ.
 
වනජීවී අධ්යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ, ගිරිතලේ ජාතික වනජීවී හා පුහුණු කේන්ද්රයේ සහකාර අධ්යක්ෂ ඩබ්ලියු.ඩී.එම්.ජේ වික්රමසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.