Wednesday, February 25, 2026
Follow Us
සංවි­ධා­නා­ත්මක අප­රාධ පාල­න­යට නව පන­තක්

සංවි­ධා­නා­ත්මක අප­රාධ පාල­නය සඳහා නව පනත් කෙටු­ම්ප­තක් ඉදිරි සති­යේදී අමාත්‍ය මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කිරී­මට සූදා­නම් බව මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු අමාත්‍ය ආනන්ද විජේ­පාල මහතා පව­සයි.

එම පනත් කෙටු­ම්පත මේ වන විට සක­ස්කර අව­සන් කර ඇති බවත් ඉදිරි සති දෙක ඇතු­ළත එම කෙටු­ම්පත අමාත්‍ය මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කර තවත් සති දෙකක් ඇතු­ළත පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කර සම්මත කර­ගැ­නී­මට අපේක්ෂා කරන බවත් ඇමැ­ති­ව­රයා කීය. මීරි­ගම පොලිස් ස්ථාන භූමියේ රුපි­යල් කෝටි අටක විය­ද­මින් ඉදි කෙරෙන නව පරි­පා­ලන ගොඩ­නැ­ඟිල්ල සඳහා මුල්ගල තැබීමේ අව­ස්ථා­වට ඊයේ (25) එක්වෙ­මින් අමා­ත්‍ය­ව­රයා මේ බව සඳ­හන් කළේය.

බලය රැක­ගැ­නීම සඳහා පසු­ගිය පාලන සම­ය­න්හිදී දේශ­පා­ල­න­ඥ­යන් සහ පාතා­ලය අතර පැවති අප­රා­ධ­කාරී සබ­ඳ­තා­වය වත්මන් රජය යටතේ සම්පූ­ර්ණ­යෙන්ම අහෝසි කර ඇති බවද ඇමැ­ති­ව­රයා පැව­සීය. ඉකුත් වක­වා­නු­ව­න්හිදී දේශ­පා­ලන රැස්වීම් සංවි­ධා­නය කිරී­මට පවා ඇතැම් දේශ­පා­ල­න­ඥ­යන් පාතාල කල්ලි යොදා­ගෙන ඇති බවට කරුණු අනා­ව­ර­ණය වී ඇති බව හෙළිවී ඇතැයි ද ඇමැ­ති­ව­රයා සඳ­හන් කළේය.