කාන්තාවන්ට හෝ ළමයින්ට සිදු වන අපරාධ පිළිබඳව පැමිණිලි කිරීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
කෘති භාර ගැනීම පෙබරවාරි 28 දක්වා
විමසීම්-0702464811 / 0714837683
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව මගින් සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය - 2024 සඳහා කෘති භාර ගැනීම මේ දිනවල සිදු කෙරෙන අතර, කෘති භාර ගැනීමේ අවසන් දිනය 2024 පෙබරවාරි 28 වේ.
Little Hearts Project of the Lady Ridgeway Hospital for Children yesterday revealed it has received a generous donation of Rs. 1 billion from senior business leader Nahil Wijesuriya.
කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් නතර කොට තිබු සීගිරිය/දඹුල්ල සහ ත්‍රිකුණාමලය සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යළි ආරම්භ කෙරේ. එම ව්‍යාපෘතිය කරන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඇතිව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියකි.
බස්නාහිර හා මධ්‍යම පළාත්වල ඩෙංගු මර්දනය සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් වල ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02) පැවැත්විණි.
යුක්තිය' මෙහෙයුම යටතේ රට පුරා පසුගිය පැය 24 තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1554 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 82 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අද (30) පෙරවරුවේ පැවැසීය.
‘මගේ ළමයා’ යන සිතිවිල්ලෙන් මිදී ‘අපේ ළමයින්’ යන සිතුවිල්ලට අප එළඹිය යුතු කාලය පැමිණ ඇති බැවින් සියලු ළමුන් කෙරෙහි අවධානය යොමු කිරීමට වැඩිහිටියන් වන අප උපරිම කැපවීමෙන් ක්‍රියාකළ යුතු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහ මහතා පවසයි.
ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
බැංකු ණය ආපසු ගෙවීම පැහැරහැර සිටින සුළු පිරිසක් පරාටේ නීතිය ඉවත් කිරීමට බලපෑම් කරමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ කොටුවේ පිහිටි මහ බැංකු මූලස්ථානයේදී ඊයේ (29) සවස පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
2024- 2025 වසර වන විට හස්ත කර්මාන්ත කේෂ්ත්‍රයෙන් රුපියල් බිලියනයක් උපයා ගැනීමට අප බලාපොරොත්තු වන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.
කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යලි දිවයිනට පැමිණි පසු කෘෂි ව්‍යවසාකයින් බවට පත්කිරීම උදෙසා ඉඩම් අමාත්‍යාංශය සමග එක්ව අක්කර දෙකක ඉඩමක් ලබාදීමට රජය පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
රජය සතු වතු සමාගම් මගින් ගෙවා දැමීමට ඇති රුපියල් බිලියන 4කට අධික සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම ඇතුළු වතු සේවක අයිතීන් රැක ගැනීම පිළිබඳ රජයේ දැඩි අවධානය යොමුව ඇතැයි වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ හන්තාන, කැලෑබොක්ක, ඇල්කඩුව ඇතුළු රජයට අයත් වතු සමාගම් කිහිපයක කළ සංචාරයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ජාතික රෝහලේ දී කාන්තාවක් මියයාම සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් ජාතික රෝහලෙන් ආරම්භ කර ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විධිමත් කමිටුවක් හරහා ද මේ පිළිබද සාක්ෂි විමසීමක් දැනටමත් ආරම්භ කර ඇති බවත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
ජාතික රෝහලේදී නොසැළකිලිමත්කම නිසා ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීම හේතුවෙන් රෝගියකු මියගිය බවට වූ හෙළිදරව්ව පිළිබද කරුණු සොයා බැලීමට අද (01) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කොළඹ ජාතික රෝහලේ නිරික්ෂණයකට සහභාගි වෙමින් මේ බව සඳහන් කළේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද එක්විය.
රෝගී ජිවිත බේරා ගැනීම සදහා විශිෂ්ට සේවාවක් මෙම රෝහල් පද්ධතිය තුළින් සිදු කරනු ලබනවා මෙන්ම මෙවැනි සිද්ධි සම්බන්ධව පරික්ෂා කිරිම් සිදු කර සිදු වූයේ කුමක් ද යන්න සොයාගෙන එවැනි වරදක් වී ඇත්නම් නැවත එවැනි වරදක් සිදු නොවීමට වගබලා ගැනිම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවැසිය.
වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා.
“ඉහත සිදුවීම සිදුවන අවස්ථාවේ සේවයේ නිරතව සිටි වෛද්‍ය, හෙද සහ අනෙකුත් කාර්ය මණ්ඩලවලින් සාක්ෂි විමසීම දැනටමත් ආරම්භ කර තිබෙනවා. මෙම රෝගී කාන්තාව සැත්කමකට භාජනය කර නැවත වාට්ටුව වෙත ගෙනවිත් නිර්වින්දනයෙන් සුවපත් වන අවස්ථාවේ දි මෙම ගැටලුව මතුව තිබෙන බව වාර්තා වෙනවා. සිදු වූ සිද්ධිදාමය පිළිබදව සාක්ෂි විමසීම දැනටමත් ආරම්භ කර තිබෙනවා.”
“කාබන්ඩයොක්සයිඩ් නොසැලකිලිමත් ලෙස ලබාදීම යන කරුණ පිළිබදව පැහැදිලි ගැටලුවක් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. එම ස්ථානයට සම්බන්ධ වූ කාබන්ඩයොක්සයිඩි සිලින්ඩරයක් තිබිලා තිබෙනවා. ඔක්සිජන් ලබාදි ඇති බවත් වාර්තා වී තිබෙනවා. මෙය සිදු වූනේ අවසන් අවස්ථාවේ ද මුල් අවස්ථාවේ ද යන්න පිළිබදවත්, අවසන් අවස්ථාවේ අත්වැරදීමකින් යම් දෙයක් සිදු වුණා ද කියන ගැටලුවත් මෙතන තිබෙනවා. එම ගැටලුව විසදාගැනීමට මෙම පරික්ෂණ සිදු කරන්නේ. ඒ අනුව මතුවන කරුණු අනුව අදාළ ක්‍රියාමාර්ග ගන්නවා.
අනුරාධපුර රුවන්වැලි මහසෑය අභියසදී පවත්වනු ලබන මහා අරියවංශ දේශනාව වෙනුවෙන් බෙලිඅත්ත සහ කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ගමන් කරන බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය ධාවනය සඳහා කටයුුතු යොදා ඇති බව දුම්රිය මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතරව මහනුවර සිට මෙම පුණ්‍යකර්මය සඳහා සහභාගීවන බැතිමතුන්හට මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 6.50 ට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1036 දුම්රියෙන් පොල්හහවෙල දුම්රිය ස්ථානයට පැමිණ මෙම විශේෂ දුම්රියෙන් අනුරාධපපුරය දක්වා ගමන් පහසුකම් සලසා ඇති බව ද එම මූලස්ථානය පවසයි.
2023.12.30 බෙලි අත්ත සිට අනුරාධපුරය දක්වා ධාවනය වන විශේෂ දුම්රිය
බෙලිඅත්ත පිටත්වීම පෙ.ව. 04.15
කොළඹ කොටුව පිටත්වීම පෙ.ව. 08.15
පොල්ගහවෙල පිටත්වීම පෙ.ව. 09.40
අනුරාධපුරය ළඟා වීම ප.ව. 13.10
2023.12.31 අනුරාධපුරය සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන විශේෂ දුම්රිය
අනුරාධපුරය පිටත්වීම පෙ.ව. 09.30
පොල්ගහවෙල පිටත්වීම ප.ව. 12.30
කොළඹ කොටුව පිටත්වීම ප.ව. 15.10
බෙලි අත්ත ළඟා වීම ප.ව. 19.20
තේ දළුවල ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ලංකා තේ මණ්ඩලය විසින් හඳුන්වා දෙන ලද B 60 වැඩපිළිවෙළ ජනවාරි 01 සිට බලාත්මක කළ බව ලංකා තේ මණ්ඩලයේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා ඊයේ (03) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.
අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රජමහ විහාරස්ථානය සහ මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමෙන් එම පරිශ්‍රයේ සිර වූ හිමිවරු පස්දෙනෙක් සහ බැතිමත්හු 75 දෙනෙක් ආරක්ෂක අංශ විසින් ආරක්ෂක ස්ථාන කරා අද (31) යොමු කර ඇති බව වාර්තා වෙයි.
ඩෙංගු රෝගය සහ සරම්ප රෝගය පිටුදැකීමේ වැඩපිළිවෙල පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ අද (27) පැවැත්විනි.
Page 60 of 705