ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට අනුබද්ධිත ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය (Sri Lanka Gamma Center) මගින් සංවිධානය කරනු ලබන “වෛද්‍ය හා ආහාර නිෂ්පාදනවල අගය එකතු කිරීම සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා ගැමා ප්‍රවිකිරණ තාක්ෂණය භාවිතා කිරීම “ පිළිබඳ ජාතික වැඩමුළුව 2025 ජූලි මස 15 වන දින පෙ.ව. 9.00 බියගම ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මෙම වැඩමුළුව සදහා සම්පත්දායකත්වය සපයනු ලබන්නේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය(IAEA) විසිනි.
තවද, ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදන ආයතන, නියාමන ආයතන සහ විවිධ ව්‍යාපාරික ආයතනවල විධායක නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.
ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට අයත් ISO 13485 තත්ත්ව සහතික ලත් බහුකාර්ය ගැමා ප්‍රවිකිරණ යන්ත්‍රාගාරයක් (Multi-purpose Gamma Irradiation Facility) වන අතර, එය වර්ෂ 2014 ජනවාරි මස සිට මෙරට ක්‍රියාත්මකය. රටේ සෞඛ්‍ය සහ ආහාර පිරිසැකසුම් අංශ සඳහා සේවා සැපයීම ප්‍රධාන වශයෙන් සිදු කරන මෙම ආයතනය, ගැමා ප්‍රවිකිරණය සඳහා වන ජාතික මධ්‍යස්ථානය ලෙසත්, ගැමා පිරිසැකසුම් සේවා සඳහා පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය ලෙසත් සේවා සපයනු ලැබේ.
මෙම තාක්ෂණය මගින් වෛද්‍ය නිෂ්පාදන ජීවාණුහරණය, දේශීයව පරිභෝජනය කරන සහ අපනයනය කරන ආහාරවල, විශේෂයෙන් තේ වර්ග, කුළුබඩු හා ඖෂධ, වියලන ලද එළවලු පලතුරු හා සත්ව ආහාරවල ගුණාත්මකභාවය සහ සෞඛ්‍යාරක්ෂිත බව වැඩි දියුණු කිරීම මෙන්ම ආහාර කල් තබා ගැනීම ද සිදු කල හැක. එමගින් අපනයනය කරන නිෂ්පාදන වඩාත් සෞඛ්‍යාරක්ෂිතව අන්තර්ජාතික වෙළඳ පොලට නිකුත් කල හැකි අතර වෙළදපොල විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීමට හැකිවේ.