Sunday, July 13, 2025
Follow Us
පිරමිඩි ජාවාරම වැළැක්වීමට ජනතාව දැනුවත් කිරීමේ සතියක් හෙටින් ඇරඹේ

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම මැඩපැවැත්විම සඳහා  මහජනතාව දැනුවත් කිරීමේ සතියක් හෙට (14) සිට  ජූලි 18 වෙනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මහ බැංකු අධිපතිවරයා අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසිය.

පිරමිඩ ආකාරයේ මූල්‍ය යෝජනා ක්‍රම සමඟ සම්බන්ධ වීම නීතියෙන් තහනම් මෙන්ම එම යෝජනා ක්‍රම සමාජය තුළ විශාල ලෙස ප්‍රචලිත වීම මූල්‍ය පද්ධතියේ ස්ථාවරභාවය බිඳ වැටීමටද හේතුවන බව  මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

වර්තමානයේ මෙම පිරමිඩ ජාවාරම වැඩි වී තිබෙන අතර එය ජනතාවගේ නොදැනුවත්කම මත සිදු වන බව ද ඒ මහතා පේනවා දුන්නේය.

ශ්‍රි ලංකා මහ බැංකුව , අධ්‍යාපන අමාත්‍යංශය,  රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය ,  ශ්‍රි ලංකා පොලීසිය , ත්‍රිවිධ හමුදා මූලස්ථාන , මහජන ආරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රි ලංකා මහ බැංකුවේ ප්‍රාදේශිය කාර්යයාල හරහා ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් මෙම සතිය තුළ ක්‍රියාත්මක කෙරෙන බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.