මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය අත්සන් කිරීමට සූදානම්ව සිටිය දී අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ තවත් කිහිපදෙනෙකු එය වළක්වා ඇති බවට නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී කැබිනට් ඇමතිවරුන් සියලු දෙනා ඉල්ලා අස්වීමට තීරණය කළ බවත්, ඊට අදාල ලිපියකට ඇමතිවරුන් සියලුදෙනා අත්සන් තැබූ බවත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
The current economic crisis has been been messed up and has turned into a political crisis, Former Prime Minister Ranil Wickremesinghe has said.
සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට රජය කටයුතු කිරීම තමන් ද අනුමත නොකරන බවත් VPN මෘදුකාංග පවද්දී මෙවැනි අවහිර කිරීම් සම්පූර්ණයෙන්ම නිශ්ඵල ක්‍රියාවක් බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
හදිසි නීතිය දීර්ඝ කිරීමට එරෙහිව පාර්ලිමේන්තුවේ දී ඡන්දය භාවිත කරන බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ඒ සඳහා සහය දක්වන ලෙස ආණ්ඩුව තුළ සිට ආණ්ඩුව විවේචනය කරන කණ්ඩායම්වලින්ද ඉල්ලීමක් කරන බවයි.
President Gotabaya Rajapaksa invited MPS Wimal Weerawansa, Vasudeva Nanayakkara, Udaya Gammanpila and Tiran Alles to re-join the government when they met him on Saturday.
පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය විසඳීම සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එකඟ වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මත දෙකක් ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.
ක්‍රීඩා හා තරුණ කටයුතු, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන හා ව්‍යාපෘති අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එම සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමග සාකච්ඡා කර භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සතියක් තුළ කටයුතු නොකරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත්වන බව එම පක්ෂය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රමුඛ සමඟි වනිතා බලකාය විසින් අනුරාධපුර සුප්‍රසිද්ධ ඥානා මෑණියන්ගේ දේවාල භූමිය වටලා තිබෙනවා.
දේශපාල පක්ෂවල, සංවිධානවල මෙහෙයවීමකින් තොරව පාරට බසින ජනතාව අවධාරණය කරන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස් වී ගෙදර යායුතු බව යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ඒ නිසා කැබිනට් මණ්ඩලයේ ඔලුගෙඩි මාරුවක් හෝ සභාග ආණ්ඩුවක් වැනි නාටක හරහා අර්බුදයට විසඳුම් ලබාදිය නොහැකි බවයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ.
Page 181 of 551