Wednesday, February 04, 2026
Follow Us
කොවිඩ් ආසාදිත හිටපු මුදල් ඇමතිවරයා පුර්ණ ලෙස එන්නත්කරණයට ලක්වී නැහැ

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ගේ සෞඛ්‍ය මට්ටම යහපත් බව වාර්තා වනවා.

හිටපු මුදල් අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ කොවිඩ් ආසාදිත බව ඊයේ දිනයේදී වාර්තා වුවා. ඒ සිදුකළ PCR පරීක්ෂණයක දීය.

කොවිඩ් ආසාදිත හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බුස්ටර් එන්නත ලබාගෙන නොමැති අතර ඔහුගේ බිරිඳ පුර්ණ ලෙස එන්නත්කරණයට ලක්ව ඇති බවයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

(Neth)