Tuesday, April 07, 2026
Follow Us
විදෙස් ණය නොගෙව්වොත් රට අත්වෙන ඉරණම ගැන එජාපය කියයි

විදෙස් ණය සහ පොලී ගෙවීම් අත්හිටුවීමට තීරණය කළයුත්තේ ණය ලබාගත් ක්‍රියාදාමයට අනුව බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. එහි සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේ එලෙස ක්‍රියා නොකළහොත් විදෙස් ණය ලබාදුන් රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පවරනු ඇති බවයි.

පවතින සංචිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට මහ බැංකුව සහ මුදල් මණ්ඩලය ඉකුත්දා තීරණය කළා.

(Neth)