පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝවිට ඉඩ ඇතිබව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා. අද පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අසලට පැමිණි හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටිය බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
The Government will definitely lose its majority in Parliament, as over 50 MPs representing the ruling party are to function independently in Parliament today (05), Former State Minister Nimal Lanza said.
මන්ත්‍රීවරුන් පනස් දෙනෙකු හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 69 ලක්ෂයක ජන බලයක් ලැබී ඇති බැවින් ඒ මහතා ඉල්ලා අස්වීමට අවශ්‍යතාවයක් නොමැති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවකට එක් වීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අවස්ථාවාදී ඇමතිකම් ලබාගැනීමට විපක්ෂ නියෝජනය කරන සමඟි ජන බලවේගයේ කිසිවෙකු හෝ නොපැමිණෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
පාර්ලිමේන්තුවේ ස්වාධීන වන මන්ත්‍රීවරුන් ගණන තවදුරටත් ඉහළ යා හැකි බවට වාර්තා වනවා. ඒ අනුව අද දිනය තුළ පමණක් මන්ත්‍රීවරුන් පනස් දෙනෙකු පමණ ස්වාධීන වනු ඇති බවටයි පැවසෙන්නේ. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කිරීමේ පසුබිමක් තුළයි.
ඇමතිවරු නැති පනත් ගැන දැන් පාර්ලිමේන්තුවේ කතා කිරීමෙන් පලක් නැති අතර වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවා රටේ පවතින තත්ත්වය ගැන සකාච්ජා කර තීරණ ගත යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
දුෂිතයින් රටින් පිටව යෑම වැළැක්වීම සඳහා ගුවන් තොටුපොළවල් වසා කටයුතු කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කර සිටිනවා.
The document which is being circulated on social media which says Leader of Opposition Sajith Premadasa will be sworn in as Prime Minister shortly is a fake one, SJB General Secretary Ranjith Madduma said.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ සිය ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මිට සුළු මොහොතකට පෙර යොමු කර තිබෙනවා.
Page 180 of 551