තවදුරටත් වත්මන් ආණ්ඩුව තුළ රැඳී සිටින්නේද, නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීමේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් එම පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට පවරා දුන් බවත් ඒ අනුව සතියක් තුළ ඒ පිළිබඳ තීරණය ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් අද පස්වරු 4.30 ට පැවැත්වෙන බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
සංවිධායක පක්ෂයක් නොමැතිව මිනිසුන් පාරට බහින්ට සූදානම් වෙනවා යැයි කන වැකුන සැනින් විපක්ෂයේ ඇතැම් පක්ෂ එකී අරගලයේ පැත්තක එලෙන්ට උත්සාහ කලේය.
රටතුළ පවතින ඉන්ධ, ගෑස්, විදුලි අර්බුදවලට කඩිනමින් විසඳුම් ලබාදෙන බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉදිරි දින 03 ඇතුළත මෙම අර්බුද විසඳීමට හැකිවනු ඇති බවයි.
රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීමට නම් පොදු සම්මුතියකට යායුතුම බවට සජබ, ශ්‍රීලනිප, එජාප සහ ටීඑන්ඒ නායකයෝ සහ මාධ්‍යවේදීන් පිරිසක් එකම වේදිකාවකදී එකඟ වෙති.
සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) යාපනයේදී පැවති විරෝධතාවක් මැදට පැන ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ කළ අරූන් සිද්ධාර්ථන්ට එහි සිටි කාන්තාවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන කිසිදු විරෝධතාවයකට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නොවන බව එම පක්ෂය නිවේදනය කරයි.
ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් පැවැත්විණි. පෙරේදා රාත්‍රී මිරිහානේ පැවති උද්ගෝෂණය හා ඒ ආශ්‍රිත සිදුවීම් පිළිබඳව මෙහෙදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
අප්‍රේල් 03 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත විරෝධයට තමන් සහය ලබා දෙන බවට සමාජ ජාලා මගින් සිදුකෙරෙන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
Govt. must not be made into banking crisis: SJB
Call to dissolve and reconstitute Monetary Board
Expresses concerns over status of IMF engagement by Govt.
Questions the Govt. fiscal policy decisions
මිනුවන්ගොඩ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට විදෙස් සංචාරයකට සහභාගී වීම සඳහා ඩොලර් සොයාදීමට තමන් ද මැදිහත්වූ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ඒ, ඊයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් පසු බැලුම්ගල කණ්ඩායමට දුරකථන ඇමතුමක් ලබාදෙමින්.
හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ අතාවුද සෙනවිරත්න මහතා අද (31) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ පරාජයට පත්කර නව ගමනක් ආරම්භ කළයුතු බවත් වත්මන් ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස ජනතාව මැති ඇමතිවරුන්ට බල කළයුතු බවත් ආණ්ඩුවේම කුඩා පක්ෂ 11ක සන්ධානයේ නායකයකු වන විමල් වීරවංශ මහතා පවසයි.
Page 182 of 551