“ජන පීඩක ආණ්ඩුව පන්නමු” යන තේමාව යටතේ ජාතික ජන බලවේගය සංවිධානය කරන පා ගමනේ අවසන් දිනය අදයි. මොරටුවේ සිට ටවුන්හෝල් දක්වා එම පා ගමන අද දිනයේ ගමන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස.
පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සකස් කර ඇති මාර්ග සිතියම (road map) හෙට (19) එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.
නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී තමන් ඉදිරිපත් කළ යෝජනා බොහෝ දුරට සාධනීය ලෙස ඉටුවී ඇති බව හිටපු වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. අවශ්‍ය ඕනෑම සහයක් නව අමාත්‍යවරුන්ට ලබාදීමට තමන් සූදානම් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වීමට නියමිතව තිබෙනවා. මේ අතර පවතින අර්බුදකාරී තත්ත්වයට පාර්ලිමේන්තුව තුළ කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් සෙවීම සඳහා විශේෂ රැස්වීමක් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. පක්ෂ නායක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවල සාමාජිකයින් ඊට එක්ව සිටියා.
පාර්ලිමේන්තුව තුළ විපක්ෂයට 113 සිටින අතර විශ්වාසභංග යෝජනාව නිසි වෙලාවට ගෙන එන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
රටේ ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත්, ආණ්ඩුවටත් වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලසම්පන්න බව පාලකයින් අවබෝධ කරගත යුතු බවත්, ප්‍රජාතන්ත්‍රවාදීව අරගල කරන ජනතාවට එරෙහිව තර්ජනය මර්දනය ගර්ජනය පාවිච්චි කරන්නට ආණ්ඩුව කටයුතු කරනවානම් අරගල කරන ජනතාවට ඉදිරියෙන් සිට ඔවුන්ව ආරක්ෂා කරන පලිහ බවට පත්වීමට සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පත් කර තිබෙනවා. ඊෙය් දිව්රුම් දුන් කැබිනට් මණ්ඩලයේ මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේ ප්‍රසන්න රණතුංගයි.
Samagi Jana Balawegaya ( SJB) is to handover the no confidence motion against the government to Speaker Mahinda Yapa Abeywardene on Tuesday April 19 2022, an SJB MP said today.
අලුතින් දිවුරුම් දීමට නියමිත කැබිනට් මණ්ඩලයේත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අමාත්‍ය ධුරයක් ලැබෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.
19 වන සංශෝධනය යළි බලාත්මක කිරීම සඳහා 21 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා කරන බව සමගි ජනබලවේගය පවසනවා.
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගය විසින් ඊයේ (17) ආරම්භ කරන ලද පාගමනට දැවැන්ත සෙනඟක් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරින් ඉවත්වීමේ සූදානමක් පවතින බව ආරංචිමාර්ග පවසයි.
තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන බව මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
පාලකයින් ලබාදෙන අනීතික නියෝග ක්‍රියාත්මක නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
Page 176 of 553