Wednesday, February 04, 2026
Follow Us
සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන තීරණාත්මක සාකච්ඡාව අද

සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්ෂ 11 හේ එකමුතුව අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම සාකච්ඡාවට සහභාගී වීම සඳහා එම පක්ෂ එකමුතුව තීරණයකට එළඹුනේ ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පැවසුවේ ජනාධිපතිවරයා සහ සිය මන්ත්‍රීවරුන් 40 දෙනාගේ කණ්ඩායම වෙනම සාකච්ඡාවක් ලෙස මෙම සාකච්ඡාව පවත්වන බවයි.

(Neth)