Wednesday, February 04, 2026
Follow Us
සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන ජනපති සහ මෛත්‍රී – විමල් සන්ධානය අතර අද රහසිගත සාකච්ඡාවක්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (29) දිනයේ පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයින්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනා කර තිබුණ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – විමල් – ගම්මන්පිල – වාසුදේව යනාදී කුඩා පක්ෂ කණ්ඩායම වෙනමම ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ.

මේ බව එම කණ්ඩායමේ ප්‍රබලයෙකු වන ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

සාකච්ඡාව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ගැන නම්, එම යෝජනාව ඉදිරිපත් කළේත් මෛත්‍රී – විමල් සන්ධානයේ මෙම කුඩා පක්ෂ 11 එකමුතුවමම නම්, ඔවුන්ට සෙසු පක්ෂ ඉදිරියේ නොමැතිව ජනාධිපතිවරයාව වෙනමම හමුවී රහසින් සාකච්ඡා කිරීමට ඇති දේ කුමක්ද යන්න පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ අවධානයට ලක්ව තිබේ.

(LNW)