Wednesday, February 04, 2026
Follow Us
සනත් නිශාන්ත අත්අඩංගුවට

මෙතෙක් හඳුනාගෙන ඇති සැකකරුවන් 22


පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ආශ්‍රිතව පසුගිය 09 වනදා අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් නම්කර සිටි සැකකරුවන් අතර ඒ මහතාගේ නම ද සඳහන් විය.

අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් මෙතෙක් හඳුනාගෙන ඇති සැකකරුවන් 22ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එලෙස ලිපියක් මඟින් දන්වා තිබුණි.

(Aruna)