Thursday, January 29, 2026
Follow Us
ප්‍රදේශීය සභාවක සභාපතිවරයෙක් ඉවතට

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාට පැවැරී ඇති බලතල ප්‍රකාරව මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් දසන්ත ස්ටීවන් මහතා එම ධුරයෙන් තාවකාලිකව ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සභාපතිවරයා පිළිබඳව සිදු කරන විමර්ශන කටයුත්තක් හේතුවෙන් මෙලෙස මාස තුනක කාලයකට ධූරයෙන් ඉවත් කර ඇත.


ඒ අනුව, මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ කාර්යය ඉටුකිරීම සඳහා උප සභාපතිවරයා වන කෝරලේ ගෙරද පියතිස්ස මහතා ව එම තනතුරට පත්කර ඇත.