දේශපාලනයට අලුතින් නායකයින් අත්හදා බැලීමට සුදුසු කාලයක් නොවන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පැවසීය.
ජත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මුදල් දීමට සූදානම් වෙද්දී එය කෙසේ හෝ කඩාකප්පල් කිරීමට පිරිසක් උත්සාහ කරන බව කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා පවසයි.
අවිනිශ්චිතව කටයුතු කිරීම සම්බන්ධයෙන්, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා ලෙස තමන් අපේක්ෂා කරන බව, අග්‍රමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (24) ප්‍රකාශ කළේය.
මාලිමාව පැමිණ තිබෙන්නේ මැරතන් දිවීමට බවත් මාලිමාව හති වට්ටා නැවැත්විය නොහැකි බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සඳහා පිහිටුවා ඇති ප්‍රධාන ආයතන දෙකම අද සිට වක්‍රාකාරයෙන් ජනාධිපතිවරයාගේ පාලනයට නතුවන බවත් මේ තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදය තුළ කිසිවෙකුට එකඟවිය නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (20) පැවසීය.
ත්‍රිවිධ හමුදාව කිසිවිටකත් දේශපාලනයට ගාවා නොගන්නැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉල්ලා සිටී.
පළාත් පාලන මැතිවරණයට වෙන් කර ඇති මුදල් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමට මුදල් අමාත්‍යාංශ හා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා දින 7ක් තුළ කටයුතු නොකළොත් විපක්‍ෂයේ සියලු පක්‍ෂ ඔහුට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පසුගියදා තේරී පත්විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතිඥ) තලතා අතුකෝරල මහත්මිය සහ නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ යෝජනා ස්ථිරත්වයෙන් ඒ මහතා තෝරා පත්කර ගැනිණි.
අද (22) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
පතෝල වගේ නොඉඳ තමන්ගේ වගකීම් ඉටු කරන්න ඉඩ නොදෙන අයට එරෙහිව අධිකරණයට යාම හෝ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මැදිහත් වීම කරන ලෙස ජාතික ජනබලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේය.
එළඹෙන අප්‍රෙල් 25 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම, පෙර ප්‍රකාශයට පත් කර තිබූ දිනවලදී සිදු නොකෙරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (21) තේරී පත්විය.
එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය පිළිබඳ ස්ථාවර කමිටුවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක අද (23) නිතරඟයෙන් තේරී පත් විය.
නීති විභාගය ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකිරීමට අදාළ ගැසට් නිවේදනය අද (21) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් පරාජයට පත් කෙරිණි.
හෙට (20) දිනයේ සිට ද පළාත් පාලන ආයතනවලින් මහජනතාවට අවශ්‍ය සේවය ඒ ආකාරයෙන්ම ලබාදීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.
Page 74 of 556