Friday, March 27, 2026
Follow Us
අද පාර්ලිමේන්තුව රැස් වෙයි

අද (04) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.


අනතුරුව, පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතයි.
ඉන් අනතුරුව, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත