Sunday, May 17, 2026
Follow Us
පාඨලීගෙන් අලුත් පක්ෂයක්

එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළඹෙන මැයි මාසයේ එළිදක්වන බව 43 වැනි සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඊයේ(1) ප්‍රකාශ කර ඇත.

 

බදුල්ලේ පැවැති 43 වැනි සේනාංකයේ වැඩ මුළුවකින් පසුව මාධ්‍ය වෙත ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

ඔහු ප්‍රකාශ කළේ රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීම සඳහා මෙම තීරණය ගෙන තිබෙන බවයි.

පවුල් උරුමයෙන් රට පාලනය කරන දේශපාලනයට තිත තැබිය යුතු බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.