Friday, March 27, 2026
Follow Us
සංචාරකයින් ඉදිරියේ ලැබෙන පහසුකමක්

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට නව සංචාරක කේන්ද්‍රස්ථාන, සහනදායි ගාස්තු, ප්‍රවාහන පහසුකම් සහ හෝටල් පහසුකම් ඇතුළු සම්පූර්ණ තොරතුරු ලබාගත හැකි ජංගම දුරකතන යෙදවුමක් ළඟදීම එළිදක්වන බව සංචාරක හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙරට හඳුනාගෙන ඇති සංචාරක කලාප 16ක් සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ ඔස්සේ සංචාරක කලාපවලට අදාළ නිශ්චිත කරුණු කෙරෙහි අවධානය යොමු කළ හැකි බව ද පෙන්වා දුන්නේය.