පාර්ලිමේන්තුව මාර්තු 21 වැනිදා සිට 24 වැනිදා දක්වා රැස්වීමට ඊයේ (16) නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව වැඩබලන පාර්ලිමේන්තුවේ මහලේකම් ටිකිරි කේ ජයතිලක මහතා පැවසීය.
රටේ හැම ප්‍රශ්නයක්ම දේශපාලන කෝණයෙන් බැලිය නොහැකි බවත් ජාත්‍යන්තර අරමුදල සමඟ ගිවිසුමකට එන ලෙස තමන් දේශපාලන භේදයෙන් තොරව පැවසූ බවත් සමඟි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තායිලන්තය බලා යෑමට කටුනායක ගුවන් තොටුපළ ට පැමිණ තිබූ අතර , ඔහුට එරෙහිව අධිකරණයේ විභාග වන නඩුවකට අදාලව පනවා තිබූ ගුවන් ගමන් තහනමක් මත , මෙම ගුවන් ගමන සදහා අවසරය හිමි නොවූ බැවින් ආපසු සිය නිවෙස බලා හරවා යැවූ බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීවරයෙකු පැවසීය .
රට නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන අවස්ථාවක පාරට බහින්න හදන වෘත්තීය සමිති සාමාජිකයන්ගේ මොළය පරීක්ෂා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය.
අත්‍යවශ්‍ය මහජන සේවා පනත (1979 අංක 61 දරණ) යටතේ වරදක් කරන සෑම තැනැත්තකුගේම සියලු චංචල හෝ නිශ්චල දේපල රාජසන්තක වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
මේ වන විට ක්‍රියාත්මක කර ඇති අඛණ්ඩ දීපව්‍යාප්ත වැඩ වර්ජනය හෙට(16) උදෑසන 8.00 ට තාවකාලිකව අවසන් කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම කළ ඉල්ලීම මුදල් අමාත්‍යවරයා වෙත යොමු කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලිපියක් මගින් දැනුම් දුන් බව එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පවසයි.
වරායේ සේවකයකු රුපියල් එක්ලක්ෂ හැත්තෑඑක්දහස ඉක්ම වූ වැටුපක් ලබා ගන්නා බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවැසීය.
තමන් කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නොයෙදෙන බවත් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තම සහයෝගය ලබා දෙන බවත් ලංවිම මුදල් භාර නිලධාරී සංගමය විසින් ලංවිම සාමාන්‍යාධිකාරී වෙත දැනුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
උසස්පෙළ දරුවන්ගේ උත්තර පත්තර පරීක්ෂා කිරීම ටැක්ස් එකත් එක්ක පටලවා නොගන්නැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී අද (10) ප්‍රකාශ කළේය.
NPP MP Dr. Harini Amarasuriya told Parliament yesterday the burden of the current economic crisis in Sri Lanka falls on every citizen and women are among the most vulnerable to its impacts.
මැතිවරණ මුද්‍රණ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ඉල්ලා මහා භාණ්ඩාගාරයට යළිත් ලිපියක් යොමු කළ බව රජයේ මුද්‍රණාලය පවසයි.
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය මාර්තු 09 සිට අප්‍රේල් 25 දක්වා කල්යාම හේතුවෙන් එම මැතිවරණයට අපේක්ෂකයන් ලෙස නාමයෝජනා භාරදී ඇති රාජ්‍ය සේවකයන් සඳහා ප්‍රමාද වන කාලය තුළ ඔවුන්ගේ මූලික වැටුප පමණක් ගෙවීමට නිර්දේශ කළ බවත්, ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගන්නා ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම්දුන් බවත් මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේම්නාත් සී. දොළවත්ත සහ ඉමිතියාස් බාකීර් මාකර් යන මහත්වරු විසින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ලෙස ඉදිරිපත් කරන ලද පළාත් පාලන මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක්, අමාත්‍යාංශ වාර්තා සමඟ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේදී පසුගියදා සලකා බැලිණි.
Page 71 of 551