Thursday, July 09, 2026
Follow Us
Political

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ රහස් ඡන්දයට අදාළ ඡන්ද පත්‍රිකා විනාශ කරනු ලැබූ බව කථානායකවරයා නිවේදනය කරයි.

Political

අද (04) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

Political

1. පනතේ වලංගුභාවය පිළිබද කෝප් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි
වෘත්තීය පුහුණු අධිකාරියේ ප්‍රධාන ගණකාධිකාරීවරයාම අභ්‍යන්තර විගණකවරයා ලෙස කටයුතු කිරීමේ වලංගුභාවය පිළිබඳව ද ඒ තුළින් ලැදියාව පිළිබඳ ගැටුමක් ඇති වීම පිළිබඳව ද මෙහිදී ප්‍රශ්න කෙරිණි. එවැනි කරුණු අධීක්ෂණය කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු නොමැති වීම පිළිබඳව ද මෙහිදී කාරක සභාවේ අවධානය යොමුවිය.

Political

පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මහ කොමසාරිස්වරයා ලෙස පත් කෙරුණු (ඔම්බුඩ්ස්මන්) විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කේ.බී.කේ හිරිඹුරේගම මහතා ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Political

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීම සඳහා ආණ්ඩුවට එක්වනු ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

Political

සමඟි ජන බලවේගය පක්ෂයේ සභාපති හා මහ ලේකම් ධුර දැරීම තහනම් නොකිරීමට හේතු ඇති නම් මැයි 22 දින කරුණු ගොනු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන්ට අවසන් වරට දින දෙමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඊයේ (31) නියෝග කළාය.

ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය විසින් සජිත් පේමදාස හා රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන්ගේ පක්ෂ තනතුරු අභියෝගයට ලක් කරමින් පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේ මේ නියෝගය නිකුත් කරනු ලැබීය. විත්තියේ විරෝධතා ගොනු කිරීම ඊයේ සිදු කරන ලෙසට දින දී තිබූ අතර, විරෝධතා ගොනු නොකළ එයින් අවසන් වරට මෙලෙස දින දෙනු ලැබිණි. පක්ෂ ව්‍යවස්ථාව අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන පුද්ගලයන්ට සමඟි ජන බලවේගය පක්ෂයේ තනතුරු දැරීමට නෛතික හැකියාවක් නැති බව සඳහන් කරමින් මෙම නඩුව ගොනු කර ඇත.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අධිකරණයට කරුණු දක්වමින් විත්තිකරුවන් සමඟි ජන බලවේගය පක්ෂයේ හැර වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන පුද්ගලයන් බවට කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරුවන් සමඟි ජන ජනබලවේගයේ දරන තනතුරු අහෝසි කරන තීන්දුවක් නිකුත් කරන ලෙසට ඉල්ලා තිබිණි. විත්තිකරුවන් දරන තනතුරු තහනමට ලක් කිරීමට පෙර ඔවුන්ට නොතීසි පමණක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, ඒ ඉල්ලීම් අනුව නඩුවට විරෝධතා ගොනු කරන්නැයි අධිකරණය නියෝග කර තිබිණි.

සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් වෙනත් පක්ෂයක සාමාජිකයන් වශයෙන් කටයුතු කරන බවත්,එක්සත් ජාතික පක්ෂය විනය ක්‍රියාමාර්ග ගත් අවස්ථාවේ ඊට එරෙහිව ඉහළ අධිකරණයේ අධිකරණය විත්තිකරුවන් විසින් නඩු පවරා ඇති බවත් පැමිණිල්ල මඟින් පෙන්වා දී ඇති අතර, ඒ අනුව විත්තිකරුවන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් වශයෙන් කටයුතු කරන බව පෙනී යන හෙයින් ඔවුන්ට සමඟි ජන බලවේගයේ සාමාජිකත්වය දැරීමට හැකියාවක් නැති බව පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

Dinamina

Political

කොන්දේසි පහකට යටත්ව පෞද්ගලීකරණයට එකඟ වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල එම පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවක දී  පැවැසීය.

Political

එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළඹෙන මැයි මාසයේ එළිදක්වන බව 43 වැනි සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඊයේ(1) ප්‍රකාශ කර ඇත.

Political

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට නව සංචාරක කේන්ද්‍රස්ථාන, සහනදායි ගාස්තු, ප්‍රවාහන පහසුකම් සහ හෝටල් පහසුකම් ඇතුළු සම්පූර්ණ තොරතුරු ලබාගත හැකි ජංගම දුරකතන යෙදවුමක් ළඟදීම එළිදක්වන බව සංචාරක හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Political

එළඹෙන මැයි මාසයේ පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය නියමිත දින වලදී පැවැත්වීමට කටයුතු කරන බවත්,උසස් පෙළ පිළිතුරු පත් පරීක්ෂාව ප්‍රමාදවීම ඒ සඳහා බාධාවක් කර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(04 ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Political

ත්‍රස්තවාදය ජාතික ආරක්ෂාව හා ජනජීවිතය විනාශ කළ හැකි ක්‍රමයක් බැවින් එය වැළැක්වීමට රජය සූදානමින් සිටිය යුතු බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

Political

කුමන පාර්ශ්ව විවේචන එල්ල කළත්, මෙරට රජයේ පාසල් විදේශීය පාසල් සමඟ සම්බන්ධ කර අප රටේ පාසල් සංවර්ධනය කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

අපේ වැඩ උපහාසයට ලක් කරන්න පෙර හොයලා බලන්න. අප රටේ පළාත් පාලන ආයතන විදේශීය පළාත් පාලන ආයතන සමඟ ඒකාබද්ධ කොට සිස්ටර්සිටි බ්‍රදර්හුඩ් සංකල්පය හරහා දියුණු කරන බවට තමා පැවසූ විට, මේ රටේ සිටින ඒ සම්බන්ධ නිසි දැනුමක් නොමැති නූගතුන් කිහිප දෙනකු එය විහිළුවට ලක් කරන බවත්, කවුරු කෙසේ විහිළුවට ලක් කළත්, පාසල් සහ පළාත් පාලන ආයතන එවැනි ධනවත් රටවල් සමඟ සම්බන්ධ කර මෙරට පාසල් සහ නගර දියුණු කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායකවරයා පැවැසීය.

Political

සුළු අලුත්වැඩියාවන් සඳහා ඇති දුම්රිය මැදිරි ඉදිරි මාස 03ක පමණ කාලයේ දී අලුත්වැඩියා කර කඩිනමින් ධාවනයට එක් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Political

The government was harping only on selling government property, excluding the most important proposals made by the International Monetary Fund (IMF), Parliamentarian Patali Champika Ranawaka said yesterday.

Political
දුෂණ විරෝධී පනත ගෙන එන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කී නිසා නොවන බවත් රටේ දුෂණය නැති කරන්නට බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
Political

පාරිභෝගික අධිකාරිය සහ වෙළඳ අමාත්‍යංශය එක්ව වැඩි මිලට භාණ්ඩ විකුණන්නන් සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් එම වැඩපිළිවෙළ අනිද්දා සිට දීප ව්‍යාප්තව ආරම්භ කරන බව වෙළෙඳ සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය‍.

Political

අනිවාර්ය නිවාඩු යවා සිටින ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් 19 දෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද හමු වුණා.

Political

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු සහ කැබිනට් අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය, අවසන් ගෞරව දැක්වීම පිණිස අද (30) පෙරවරු 9.00 ට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.