තරුණයන් අපේක්ෂා කළ වෙනස වසරක් ගත වුවද මෙතෙක් සිදු වී නැති බව ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
කොළඹ පැවති ජන හමුවකට එක් වෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව ප්‍රකාශ කළ අතර විවිධ නායකයින් මේ රට හැදුවා බව ද ඇය ප්‍රකාශ කළාය.
හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළාය .
" සමහරු රට විනාශ කළා. මේ සියල්ල බලන කොට අපි ඉදිරියට ගිහිල්ලා නැහැ. මම නම් ලැජ්ජා වෙනවා. අපි ගොඩාක් ඉදිරියෙන් හිටියේ. නිදහස ලැබෙන වේලාවේ අපිට වැඩිය ගොඩාක් පිටුපසින් හිටිය රටවල් අද කොතැනද සිටින්නේ. අපි කොතැනද සිටින්නේ . අපේ තරුණ ප්‍රජාව අපිට රැඩිකල් වෙනසක් අවශ්‍ය කියලා මහා සටනක් ආරම්භ කළා දැන් අවුරුද්දකට පෙර. ඒ් සටහන පුදුමාකාර විදියට සාර්ථකත්වයක් ලැබුවා. රජය ගෙදර යා යුතුයි කිව්වා.ගෙදර යැව්වා. ඊට පස්සේ වෙනසක් අවශ්‍ය කිව්වා. ඒක සිද්ධ වෙලා නැහැ. අවුරුද්දක් තුළ ඒ් රැඩිකල් වෙනස සිද්ධ වෙලා නැහැ."
පළාත් පාලන ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වනදා සිදුකළ නොහැකි බවට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදන මගින් ප්‍රකාශ කර ඇත.
2023 අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම දෙවන වතාවටත් කල්දැමීමට සිදුව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රට ආරක්ෂා කිරීමට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත කඩිනමින් සම්මත කර ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් හෙට (20) පැවැත්වීමට නියමිතයි.
උදේට ජනාධිපතිට විරුද්ධව "පොර ටෝක්"දෙන සජිත් රෑට හොරෙන් ජනාධිපතිට කතා කර විපක්ෂනායක කම රැක දෙන්නයි ඉල්ලමින් හඬා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රතිත්‍රස්ත පනතට පෙර ත්‍රස්තවාදය පිටුදැකීම සඳහා වන පනතක් රටේ ක්‍රියාත්මක වූ බවත් තිස් අවුරුදු ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වූයේ එම පනත නිසා බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
සිංහල අලුත් අවුරුද්දෙන් පසු කාල සීමාවේදී දේශපාලන පිල් මාරු කිහිපයක් සිදුවීමට බොහෝදුරට ඉඩ ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.
සිංහල අවුරුද්දෙන් පසු එළඹෙන සති දෙක මේ රට දේශපාලනය වශයෙන් ඉතාම තීරණාත්මක එකක් විය හැකි බවත් පිල් මාරුවීම්, ඇමැති මාරුවීම් ලබන 20- 30 ඇතුළත සිදු විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
තම කණ්ඩයාම කිසිම පාර්ශවයකට ගැතිවෙලා වැඩ කරන්න සූදානම් නැති බව පෙන්වා දුන් මහාචාර්ය ජයසුමන මහතා පක්ෂ විපක්ෂ කවුරුන් හෝ රටට යහපතක් වෙන තීරණයක් ගත්තොත් ඊට සහයවිමට සූදානම් බව සඳහන් කළේය.
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව පමාවෙන් තරුණයින් අසහනයට පත් කර එම අසහනයට පත් තරුණයින්, අන්තවාදී දේශපාලන වුවමනාවන් සඳහා ගොදුරු කර ගැනීමේ ප්‍රයත්නයක් බුද්ධි අංශ වාර්තාවලින් හෙළි වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
රට ගොඩගැනීමට නම් සියලු සංවිධාන එක් විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.
ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමීමට තීරණය කර තිබේ.
විද්‍යුත් විකාශන අධිකාරී පනත් කෙටුම්පතක් සකස් කිරීමට සහ විද්‍යුත් විකාශන ආයතන සඳහා තිපත්ති සකස් කිරීම වෙනුවෙන් පත් කර ඇති අමාත්‍ය මණ්ඩල අනු කමිටුව ඊයේ (18) ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී රැස්විය.
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
පළාත් පාලන ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා වන කමිටුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී රැස්විය.
මිනිස්සු ජීවත් කරවීමට, සිස්ටම් එක චේන්ජ් කිරීමට අපිට කලබලයක් තිබූ බවත්, ජනතාව රවටන පටු දේශපාලනය තවදුරටත් ඉදිරියට ගෙන යාමට නොහැකිවීම නිසා තවත් පිරිසක් කලබල වී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (IMF/EFF) පිළිබඳ වැඩසටහන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, එය අප්‍රේල් 25 වැනිදා සිට විවාදයට ගන්නා බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.
වත්කම් බැරකම් පනත අනුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති නායකයන් වාර්ෂිකව සිය වත්කම් බැරකම් ප්‍රකාශ කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතුව ඇති නමුත් මේ වන තෙක් කිසිදු වෘත්තීය සමිති නායකයෙක් එලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවේය.
Page 70 of 554