Thursday, January 29, 2026
Follow Us
නැගෙනහිර ආණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයිද?

ඉදිරි දින කිහිපය තුළ ආණ්ඩුකාර තනතුරෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයේ (6) ත්‍රිකුණාමල ප්‍රදේශයේ පැවති වෙසක් උත්සවයකට සහභාගිවෙමින් පැවසුවාය.

ආණ්ඩුකාරවරිය ලෙස පළාතේ ජනතාව අමතන අවසන් අවස්ථාව මෙය විය හැකි බව ඇය පැවසුවාය.

පළාත් 04ක ආණ්ඩුකාරවරුන්ට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවට පසුගිය දිනවල වාර්තා විය.