The main opposition Samagi Jana Balawegaya (SJB) yesterday in response to the request made by President Ranil Wickremesinghe to support the Government’s future development activities at this crucial juncture said the SJB is always supporting the Government unconditionally for the sake of people in the country without expecting any ministerial portfolios.
එළඹෙන අප්‍රෙල් 25 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම, පෙර ප්‍රකාශයට පත් කර තිබූ දිනවලදී සිදු නොකෙරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබබලන අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිබේ.
රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල සිසුන් සඳහා උසස් අධ්‍යාපනය සඳහා ලබා දෙන ණය යෝජනා ක්‍රමය එළඹෙන සතියේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය පිළිබඳ ස්ථාවර කමිටුවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක අද (23) නිතරඟයෙන් තේරී පත් විය.
සජිත්ගේ ඉංග්‍රිසි සුද්දන්ට තේරෙන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
දේශපාලනයට අලුතින් නායකයින් අත්හදා බැලීමට සුදුසු කාලයක් නොවන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පැවසීය.
එළඹෙන දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
කුමන මැතිවරණයක් පැවැත් වුවද ඒ් සඳහා සූදානම් බව නාරාහේන්පිට අභයාරාමයේදී අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
අවශ්‍ය වේලාවට අවශ්‍ය කණ්ඩායම් තම පක්ෂය වටා එකතු වනු ඇතැයි ද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
අවිනිශ්චිතව කටයුතු කිරීම සම්බන්ධයෙන්, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා ලෙස තමන් අපේක්ෂා කරන බව, අග්‍රමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (24) ප්‍රකාශ කළේය.
මාලිමාව පැමිණ තිබෙන්නේ මැරතන් දිවීමට බවත් මාලිමාව හති වට්ටා නැවැත්විය නොහැකි බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ත්‍රිවිධ හමුදාව කිසිවිටකත් දේශපාලනයට ගාවා නොගන්නැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉල්ලා සිටී.
එළඹෙන පාර්ලිමේන්තු සතියට අදාළව ලබන අප්‍රේල් 4 වැනි අගහරුවාදා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පසුගියදා තේරී පත්විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතිඥ) තලතා අතුකෝරල මහත්මිය සහ නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ යෝජනා ස්ථිරත්වයෙන් ඒ මහතා තෝරා පත්කර ගැනිණි.
අද (22) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
Page 72 of 554