Tuesday, July 21, 2026
Follow Us
ඉරානයට එරෙහිව ඇමෙරිකානු ප්‍රහාර තවදුරටත්
ඇමෙරිකානු හමුදාව ඉරානයට එරෙහිව අඛණ්ඩව 10 වන රාත්‍රියටත් දැවැන්ත ගුවන් සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ
 
මෙම ප්රහාර හමුවේ පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් දැඩි වී ඇති බව වාර්තා වේ.
 
ඉරාන හමුදාවන් ද ඊට ප්රතිචාර දක්වමින් කුවේට් රාජ්යයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරක් ඉලක්ක කරගනිමින් මිසයිල ප්රහාර එල්ල කළ බවයි වාර්තා වන්නේ.
හෝමුස් සමුද්ර සන්ධියේ නාවික ගමනාගමනයට එල්ල වන තර්ජන වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි වොෂින්ටනය පවසා සිටින්නේ.
 
කුවේට්හි පිහිටි අමෙරිකානු හයිමාර්ස් මිසයිල පද්ධති වෙත තමන් සාර්ථකව මිසයිල ප්රහාර එල්ල කළ බව ද ඉරාන හමුදාව සඳහන් කර තිබේ.