Tuesday, July 28, 2026
Follow Us
ඇමෙරිකා - ශ්‍රී ලංකා ඒකාබද්ධ සමුද්‍රීය සහයෝගිතා අභ්‍යාසයක් ඇරඹේ
සමුද්රීය ආරක්ෂාව සහ කලාපීය සූදානම ශක්තිමත් කිරීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්රී ලංකාව අතර 'සහයෝගීතාව, සූදානම සහ පුහුණු' (CARAT 2026) ඒකාබද්ධ අභ්යාසය සයවන වරටත් ත්රිකුණාමලයේදී ආරම්භ කර තිබේ.
ජූලි 26 වන දින ආරම්භ වූ මෙම ද්විපාර්ශ්වික අභ්යාසයට ශ්රී ලංකා නාවික හමුදාව, ශ්රී ලංකා ගුවන් හමුදාව, එක්සත් ජනපද නාවික හමුදාව සහ එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය එක්ව සිටිති.
ජූලි 27 සිට 31 දක්වා ත්රිකුණාමලය සහ කොළඹ මුහුදු තීරයේදී මෙම පුහුණු වැඩසටහන් ක්රියාත්මක වේ.