Monday, June 02, 2025
Follow Us
උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 දරණ රාත්‍රි තැපැල් දුම්රිය ගලබඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලීපැනීමට ලක්වීමෙන් අඩාල වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය අද (1) දහවල් සිට යථා තත්ත්වයට පත් කළ බව වාර්තා වෙයි.

මෙම රාත්‍රි තැපැල් දුම්රිය අද (1) අලුයම 2.ට පමණ මෙසේ ගලබඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලීපැනීමට ලක් වූ දුම්රිය එන්ජිම පිලීපැනීමට ලක්ව තිබිණි. 

නාවලපිටිය දුම්රිය ස්ථානයේ දුම්රිය සේවක පිරිස් පැමිණ එම දුම්රිය පිලීගත කිරීමෙන් අනතුරුව දැනට බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරදි සිදුවන බවත් , අද (1) දිනයේ බදුල්ල මහනුවර සහ මහනුවර බදුල්ල අතර ධාවනය වන.අංක 1126 , 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියන් දෙක ධාවනය නොවන බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.