අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය පිළිබඳ කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාව ඉහළ ප්‍රතිශතයකින් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සහ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම පිළිබඳව ප්‍රශංසනීය ප්‍රගතියක් අත් කරගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.ඒ් අද පැවැති කැබිනට් තිරීණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.
මේ වන විට 42,000කට අධික ගුරු හිඟයක් පැවතීමත් ග්‍රාමීය සහ අඩු පහසුකම් සහිත ප්‍රදේශවල වැඩි වෙමින් පවතින අසමානතාවන් නිසාත් අධ්‍යාපන ක්ෂේත්‍රය දැඩි පීඩනයකට ලක්ව තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම තත්ත්වය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා පද්ධතිමය පරිවර්තනයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව පැන නැගී ඇති බව ද සඳහන් කළේය.
බොහෝ රටවල් තම අධ්‍යාපන පද්ධතීන්වල විප්ලවීය වෙනසක් ඇති කිරීම සඳහා ඩිජිටල් ප්‍රතිලාභ කාර්යක්ෂමව උපයෝගි කර ගනු ලබයි.
ශ්‍රී ලංකාව ද විවිධ ඩිජිටල් අධ්‍යාපන මුලපිරීම් ආරම්භ කර ඇති නමුත් ඒවායේ පවතින අසංවිධිතාව හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වී නොමැත.
එබැවින්, වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා බද්ධ වූ ඒකාබද්ධ උපායමාර්ගික ඩිජිටල් ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යතාව පවතී.
ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්ගේ සාමාජිකත්වයෙන් හා අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගේ නියෝජිතයින්ගෙන් සමන්විතව මෙම බලකාය පත් කිරීමට මෙම අනුමැතිය ලැබී ඇත.