දේශීය හෝ විදේශීය පාර්සල ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS කෙටි පණිවුඩයක් ගණුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
2023 වර්ෂයේ වලංගු නාමලේඛණයෙන් ඉවත් වන නම් ඇතුළත් “අ” ලැයිස්තුව (A) සහ 2024 නාමලේඛනයට අලුතින් ඇතුළත් වන නම් ඇතුළත් “ආ” ලැයිස්තුව B 2024.04.09 සිට 2024.05.06 දක්වා ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක නිකුත් කරමින් සඳහන් කරයි.
“සැමට ඉංග්‍රීසි” වැඩසටහනෙන් ඉංග්‍රීසි ගුරුවරු 2,500ක් බඳවාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙම වසරේ කෘෂි අංශයේ නව්‍යකරණය වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් බිලියන 25ක මුදලක් වෙන් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ පළමුවන අදියර 2024.04.10 වන බදාදා දින අවසන් වන අතර පළමු පාසල් වාරයේ දෙවන අදියර 2024.04.24 වන බදාදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
යාං ඔය ජලාශ ව්‍යාපෘතිය 2015 වසරේදී ක්‍රියාත්මක කිරීමේදී අත්පත් කර ගන්නා ලද මඩ ඉඩම් වෙනුවෙන් ලබාදීමට නියමිත විකල්ප ඉඩම් වෙනුවට ගොවිතැනින් නොවන වෙනත් ජීවනෝපායන්/රැකියා මගින් ජීවත් වන හා හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා ඉන් පිටත පදිංචි පුද්ගලයන් 614 සදහා රුපියල් ලක්ෂ දහ අටක විකල්ප අතිරේක මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණි.
ශ්‍රී ලංකාවේ තේවලට ජාත්‍යන්තර වෙළෙඳපළෙහි පවතින තිරසර තේ නාමය ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා මෙරට ප්‍රමුඛ පුද්ගලික ආයතනයක් වන යුනිලිවර් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පසුගියදා සිදුවිය.
එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත්වන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
උඩරට නැටුම් කලාව ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයේ ස්ථාපිත කරන ලද අති නවීන තාක්ෂණයෙන් යුත් සීටී ස්කෑන් (128-Slice CT Scan)යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම ඊයේ (11) සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
වසර තුනකට පසු මෙම වසරේ දී 4000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අප්‍රේල් 15 වනදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කර තිබේ.
ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් සීමාවන් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කෘෂිකර්මාන්තයට සම්බන්ධ අමාත්‍යාංශ, ආයතන සහ සංවිධාන ප්‍රතිව්‍යුහගත කිරීම අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති සහ අගමැති ප්‍රධානත්වයෙන් කෘෂිකාර්මික නවීකරණ සංවිධාන කවුන්සිලයක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
Page 25 of 621