Friday, February 13, 2026
Follow Us
සමාජ ජාලා මාධ්‍ය හරහා ප්‍රචණ්ඩත්වය පතුරවන්නන් සොයා දැවැන්ත මෙහෙයුමක් !

පසුගිය මැයි 09 වැනිදා සිදු වූ සිදුවීම් අතරතුර සමාජ ජාලා මාධ්‍ය භාවිතා කරමින් ප්‍රචණ්ඩත්වය පැතිරවූ පුද්ගලයන් සොයා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය 19 පස්වරුවේ නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.

මේ දක්වා සිදුකළ විමර්ශනවලදී පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වයස අවුරුදු 21,22 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකු සහ 39 හැවිරිදි කාන්තාවකි.

අත්අඩංගුවට ගන්නා මෙම පුද්ගලයන්ට එරෙහිව පරිගනක අපරාධ පනතේ විධිවිධාන අනුව කටයුතු කරන බවද පොලීසිය පවසනවා.

(LNW)