අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ඉරිදා කරන්න යන දේ
එලබෙන සදුදා (23) ආරම්භවන අපොස සාමාන්‍ය පෙල විභාග රාජකාරීහී නියුතු නිලධාරීන්ට ඉන්ධන ලබාගැනීමේදී ප්‍රමුඛතාව ලබා දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා එක්ව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්වරයා කටයුතු කර ඇත.
ඒ අනුව ලබන ඉරිදා(22) ප.ව. 3.00 සිට ප.ව. 5.00 දක්වා කාලය තුළ අපොස සාමාන්‍ය පෙළ විභාග රාජකාරි සඳහා පත්වීම් ලැබී ඇති නිලධාරීන්ට තම පත්වීම් ලිපිය සහ ජාතික හැදුනුම්පත ඉදිරිපත් කර තමන් පදිංචි ප්‍ර දෙශයේ ළගම පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීමට හැකි බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර පවසයි.
මේ පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මගින් සියලුම ඉන්ධන පිරවුම්හල් කළමනාකරුවන් දැනුවත් කිරිමට පියවර ගෙන ඇති බවද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා කියා සිටී.
(Aruna)