Friday, February 13, 2026
Follow Us
ෆයිසර් එන්නත ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ජනතාවට දැනුම්දීමක්

ෆයිසර් එන්නත ලබාගෙන නොමැති පිරිස්වේ නම් හැකි ඉක්මණින් එම එන්නත ලබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිරියේදී එන්නත් ගෙනඒමේ වැඩසටහනට බාධා එල්ල විය හැකි බවයි.

මෙරටදී කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් එක් කෝටි හැත්තෑ ලක්‍ෂ 68,255 දෙනෙකු මේ වනවිට ලබාගෙන තිබෙනවා. එහෙත් එම පිරිසෙන් දෙවන මාත්‍රාව ලබාගෙන ඇත්තේ එක්කෝටි හතලිස් හතර ලක්‍ෂ 83,145 දෙනෙකු පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ. තුන්වන මාත්‍රාව මේ වනවිට ලබාගෙන ඇත්තේද පුද්ගලයන් 79 ලක්‍ෂ 75,617 දෙනෙකු පමණයි.

(Neth)