Friday, February 13, 2026
Follow Us
පෙට්‍රල් සහ ඩීසල් ගැන සුබම සුබ ආරංචියක්

පෙට්‍රල් සහ ඩීසල් ගැන ඇමතිගෙන් දැනුම්දීමක්


අද(21) දිනයේදී තවත් ඩීසල් සහ පෙට්‍රල් තොගයක් ගොඩබෑම ආරම්භ කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍ කාංචන විජේසේකර පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ බව පෙන්වා දෙයි.

මේ අතර පසුගිය දින දෙක තුළ දිවයින පුරා පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල්වලට ඩීසල් බෙදාහැර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඩීසල් බෙදාහැරීම තවදුරටත් අඛණ්ඩව සිදුවෙන බවද දැනුම්දී තිබේ.

20 පෙරවරුවේ බෙදාහැරීම ආරම්භ කරන ලද පෙට්‍රල් 92 සහ 95 සියලුම ඉන්ධන පිරවුම්හල් ආවරණය වන පරිදි අඛණ්ඩව සපයන බවද දැනුම්දී ඇත.

(Aruna)