මෙරට මාසික ඉන්ධන පරිභෝජනය අනිවාර්යයෙන්ම ඇමරිකානු ඩොලර් මිලියන 650 සිට 350 දක්වා අඩු කළයුතු බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරයි.
ඉදිරි සතියක පමණ කාලයක් සඳහා විදුලි කප්පාදුව පැය තුනක මට්ටමේ පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ඉන්ධන සංචිත ලංකා විදුලි මණ්ඩලය සතුව පවතින බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. සතියකින් පසු එළඹෙන කාල සීමාවේදීද විදුලි කප්පාදුව පැය තුනකට පමණක් සීමා කිරීමට හැකි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියා.
දේශීය සහල් සඳහා මේවනවිට පවතින පාලන මිල ඉහළ දමන ලෙස වී මෝල් හිමියන් තමන්ගෙන් ඉල්ලීමක් සිදුකර ඇතැයි වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.
දැනට ඉදිකරමින් පවතින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සහ එහි මෙහෙයුම් කටයුතු 100% ක් වරාය අධිකාරිය සතුවන බවත් කිසිදු හේතුවක් මත එය පෞද්ගලීකරණය කිරීමේ අදහසක් නොමැති බවත් වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
වැඩබලන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත නිල සංචාරයක් සදහා විදේශ ගතවීම හේතුවෙන්.
ඉන්ධන සැපයුම වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇතිව ගෙවීමට මහ බැංකු අධිපතිවරයා එකඟතාව පළ කර තිබෙනවා.
Page 164 of 638