Thursday, February 12, 2026
Follow Us
වාහනය ළඟටම ඇවිත් තෙල් දෙන්න අලුත් ක්‍රමයක්

තෙල් බෙදා හැරීම ගැන ඇමතිගෙන් පණිවිඩයක්


ජංගම රථ භාවිතයෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් රජයේ අවදානය යොමුව තිබේ.

ත්‍රිරෝද රථ, භාණ්ඩ බෙදාහැරීම් සිදුකරනු ලබන බයිසිකල්, කෑන් සහ ජෙනරේටර් සඳහා එම බෙදාහැරීමේ රථ භාවිතා කිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල්වලින් බැහැරව විශාල විවෘත ස්ථානවල ට්‍රක්රථ යොදාගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සැලසුම් කර තිබේ.

එම ක්‍රමවේදය දිවයින පුරා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළේය.

Aruna