Wednesday, February 11, 2026
Follow Us
මුව ආවරණ පැළදීම ගැන සෞඛ්‍ය අංශ වෙතින් මතක් කිරීමක්

මුව ආවරණ පැළදීම අනිවාර්ය නොකළද යලිත් ඒ පිළිබද වැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ජනතාව අතර ගැවසීමේදී මුව ආවරණ පැළදීම මෙන්ම අනෙකුත් සෞඛ්‍ය පුරුදු පිළිබද වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වී ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.

ඉකුත් සති කිහිපයේ දහයක් ලෙස වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට තවත් ඉහළ ගොස් ඇති තිබෙනවා. ඊයේ දිනයේ මෙරටින් කෝරෝනා ආසාදිතයින් 34 දෙනෙකු වාර්තා වූ බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

තමන්ට හිමි එන්නත් මාත්‍රාව ලබානොගත් පුද්ගලයන්ට යළි එය ලබාගැනීම මේ මොහොතේ ඉතා වැදගත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.

 

Neth