Wednesday, February 11, 2026
Follow Us
අගෝස්තු 01 තෙල් මිල අඩුවෙයි

තෙල් මිල ගැන බලශක්ති ඇමතිගෙන් පැහැදිලි කිරීමක්


එළඹෙන අගෝස්තු 01 වනදා සිට ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවිය හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“මින් පසුව හැම මාසෙම පළමු වනදා රාත්‍රියේ සහ 15 වනදා රාත්‍රියේ, මේ දින දෙකේදී තමයි අනිවාර්යයෙන්ම මිල සංශෝධනය වෙන්නේ. මේ අනුව අපේ පළමුවනදාට තියෙනවා මිල සංශෝධනයක් ආයෙමත්. එතකොට ඒ මිල සංශෝධනය ඇතුළේ වෙළෙඳපොලේ මිලත් එක්ක බොහෝදුරට අපිට පේනවා මිල අඩුවීගෙන යන ප්‍රමාණයක් පේනවා. ඒ නිසා මම හිතනවා ඊළඟ මිල සංශෝධනය ඇතුළෙත් යම්කිසි අඩුවීමක් සිදුවෙයි කියලා.” යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

Aruna