Wednesday, February 11, 2026
Follow Us
වසරේ මුල් මාස 06 තුලදී අල්ලස් හා දූෂණ චෝදනා පැමිණිලි 428 ක්

මෙම වසරේ මුල් මාස හය තුළ අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි 428 ක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 386 ක්. වත්කම් සම්බන්ධයෙන් ද පැමිණිලි 42 ක් ලැබී තිබෙනවා.

ලද පැමිණිලිවලට අදාළව මේ වනවිට වැටලීම් 22 ක් සිදුකර ඇති බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු පැවසුවේ.

ජනතාවට අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් වන පැමිණිලි 19 54 අංකයට හෝ 011 2 58 48 72 යන අංක වෙත ඉදිරිපත් කළ හැකි බවයි එම කොමිෂන් සභාව වැඩිදුරටත් සදහන් කළේ.

Neth