Wednesday, February 11, 2026
Follow Us
සංශෝධිත අයවැය ලබන මාසයේදී

ලබන මාසයේදී සංශෝධිත අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සියලු අමාත්‍යංශවල අයවැය ප්‍රතිශෝධනය කර සංඛ්‍යා කටයුතු මේ වනවිට අවසන් කර තිබෙනවා. ඒ අනුව සංශෝධිත අයවැය සකස් කර ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

LNW