නව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දෙනවා. එම පිරිස කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පෙරවරුවේ දිවුරුම් දෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
අද සිට ඉන්ධන නිකුත් කිරීම සිදුවන්නේ වාහන අංක තහඩුවේ අවසාන අංක ක්‍රමයට අනුව පමණක් බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ඩබ්ලිව් එස් එස් ප්‍රනාන්දු පැවසුවේ අදාළ දිනයට අයත් නොවන අංක සහිත වාහන සදහා ඉන්ධන නිකුත් නොකරන බැවින් එවැනි වාහන රැගෙන පෝලිම්වල රැදි නොසිටින ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 19 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම් සහ ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ඒ, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ විශේෂ ගැසට් පත්‍රය මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිදුකර ඇති බලතල පැවරීම ප්‍රකාරව, අනුමැතිය මතයි.
ඉදිරියේ දී ඉන්ධන නිකුත් කිරීමේ දී ආහාර නිෂ්පාදනයට අවශ්‍ය වන ඉන්ධන ලබා දීමට ප්‍රමුඛත්වය ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ ඒ අනුව ඉදිරියේදී ඊට අදාළ කටයුතු සිදුකරනු ඇති බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, මහජන ආරක්ෂක ආඥා පනත ප්‍රකාරවයි. ඒ අනුව එම ආඥා පනතේ 12 වන වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා සියලු සාමාජිකයින් කැඳවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
Page 157 of 642