රාජාසන කතාවේ දී ජනපති අරගලකරුවන් ගැනත් කතා කරයි
සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් විශේෂ කාර්යාංශයක් පිහිටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
අද (03) නව රජයේ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරමින් නව වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සැසිවාරයේ රාජාසන කතාව සිදු කරමින් ඔහු මේ බව පැවසිය.
සාමකාමී අරගලකරුවෙකුට අසාධාරණයක් සිදු වුණොත්,දවසේ පැය 24 පුරා ඕනෑ ම වේලාවක මෙම කාර්යාංශයට දැනුම් දිය හැකි බව ඔහු සඳහන් කරයි.
තමා අරගලකරුවන් දඩයම් කිරීමට කටයුතු කරන බවට විශාල ප්‍රචාරයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පතුරුවාලීමට කිසියම් කණ්ඩායමක් උත්සාහ කරන නමුත් එය අසත්‍ය බව ඔහු වැඩිදුරටත් පැවසීය.
“මම අරගලකරුවන් දඩයම් කිරීමට කටයුතු කරන බවට විශාල ප්‍රචාරයක් සමහර කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පතුරුවාලන්න උත්සාහ ගන්නවා. නමුත් එය ඇත්තක් නෙවෙයි. සාමකාමී අරගලකරුවන්ට කිසිදු ආකාරයක අගතියක් සිදුවීමට මම ඉඩ දෙන්නේ නෑ. සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් මම විශේෂ කාර්යාංශයක් පිහිටුවනවා.
සාමකාමී අරගලකරුවෙකුට අසාධාරණයක් සිදු වුණොත් ඒ කාර්යාංශයට දවසේ පැය 24 පුරා ඕනෑම වේලාවක දැනුම් දෙන්න පුළුවන්. එවැනි දැනුම් දීම් පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට විශ්‍රාමික විනිසුරුතුමෙකුගේ මූලිකත්වයෙන් කමිටුවක් පිහිටුවනවා.”
Aruna