රුපියල් ලක්ෂයකට අධික මාසික ආදායමක් උපයන පුද්ගලයන්ගෙන් උපයන විට බදු අය කිරීම සිදුවන්නේ ලබන නොවැම්බර් මාසයේ සිට බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
අද(22) දින පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.
රට ඉදිරියට ගෙන යාමට නම් ඉදිරි මාස කිහිපය තුළ ආණ්ඩුවේ යාන්ත්‍රණය කණපිට හැරවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. “යූත් ඉනි ගවනන්ස්” නමින් තරුණ පිරිසක් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
මෙම වසර තුළදී ණය පහසුකමක් ලබාගැනීමට අවශ්‍ය නම් ද්වී පාර්ශවික ණය හිමියන්ගේ මූල්‍ය එකඟතාව කඩිනමින් ලබාගතයුතු බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම්දී තිබෙනවා.
හමර් ප්‍රශ්නය CIDයට යයි! නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කළ හමර් වර්ගයේ රථයක් රාජසන්තක කිරීමෙන් පසුව පැවති වෙන්දේසියකදී එය ආනයනය කළ පුද්ගලයාටම ලබාදීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාරදී තිබේ.
පාර්ලිමේන්තුවේදී පසුගිය 18 වැනිදා සම්මත වූ 2002 අංක 33 දරන ඛණිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත, සංශෝධනය සදහා වූ ඛණිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද සිය සහතිකය සටහන් කර තිබෙනවා.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
රැකියා සහ අධ්‍යාපනය හැදෑරීමට විදේශගතවන පිරිස් වත්කම් පෙන්වීමට රත්තරං තක්සේරු වාර්තා ලබාගැනීම ඉකුත් සමයට සාපේක්ෂව මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.
Page 117 of 640