Sunday, February 08, 2026
Follow Us
මෙරට විද්‍යුත් වාහන සදහා මාර්ගෝපදේශ මාලාවක්

මෙරට විද්‍යුත් වාහන භාවිතය පිළිබද මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.



ඉන් මෙරටට ආනයනය කරන විද්‍යුත් වාහන හා උපාංග මෙන්ම මෙරට තුළ සිදු කරන විද්‍යුත් වාහන එකලස් කිරීමේ කටයුතු සදහා සැලසුම් සකස් කරන බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

තවද පරිසර හිතකාමීව විද්‍යුත් අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙනුත් එම මාර්ගෝපදේශ මාලාවට කරුණු ඇතුළත් වන බව කර්මාන්ත අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මේ වන විටත් කර්මාන්ත අමාත්‍යාංශය විසින් සකස් කරමින් පවතින මෝටර් රථ වාහන පිළිබද ප්‍රතිපත්ති මාලාවට සමගාමීව මෙම මාර්ගෝපදේශ මාලාවද එළිදැක්වීමට නියමිත බව එහිදීි වැඩිදුරටත් සදහන් කළා.

Neth