Sunday, February 08, 2026
Follow Us
පාර්ලිමේන්තුව බලන්න එන දරුවන්ට කිරි වීදුරුවක්

පාසල් දරුවන් පාර්ලිමේන්තුවට රැගෙන එන්න ලිඛිතව ඉල්ලන්නලු


පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසල් දරු දැරියන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේ‍ය.

පාසල් දරුවන්ට පාර්ලිමේන්තු සභාගර්භයේ කටයුතු මහජන ගැලරියේ සිට දැක බලා ගැනීම සඳහා මෑතක සිට අවස්ථාව හිමිවිය.

කොවිඩ් රෝගය පැතිර යාමත් සමඟ පාසල් දරුවන් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණීම නතර කරන ලද අතර නැවත එම අවස්ථාව ලබාදීමෙන් පසු පාසල් ගණනාවකම දරුවෝ පාර්ලිමේන්තුවට පසුගිය දිනවල පැමිණ තිබේ.

පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා පාසල් දරුවන් රැගෙන ඒමට බලාපොරොත්තු වන්නේ නම් බලධාරීන් ඒ සම්බන්ධයෙන් ලිඛිතව ඉල්ලීමක් කළ යුතු බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසීය.

Aruna