Sunday, February 08, 2026
Follow Us
පාස්පෝට් නිකුත් කිරීම නවතයි

විදෙස් ගමන් බලපත්‍ර ගන්න ඉන්න අයට විශේෂ පණිවිඩයක්


ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.

Aruna